Friday, January 20, 2012

___________________________ ෆැන්ටසියේ සිට _

ඈත අහසේ දේදුන්නක්
කෙක්කෙන් ඇද බිමට අරං
දේදුන්නේ පාට නූල්
ගලවනවා මං

හීත රැයක කූඩේ අරං
වත්තට ගොස් හනික ඉතිං
බිමට වැටුණු තරු කැට කැට
ඇහිදිනවා මං

දේදුන්නේ පාට නුල්
එකතු කරලා සළුව වියං
ඇහිද ආපු තරු කැට මං
අමුණනවා දැං

නුඹ ආවම හෙට උදයෙන්
රැයේ වියපු සළුව අරං
නුඹ ගතවට සළුව විලස
දවටනවා මං

___________________________ ෆැන්ටසියේ සිට _

2 comments:

  1. සලුව වියා
    තියා ඉදින්
    මම එන්නම්
    හෙට උදයෙම...

    ReplyDelete