Wednesday, February 22, 2012

තෑග්ග


ඉස්සරම ඉස්සර කාලේ මට මතකයි .....

මට තිබුනා වාහනයක්.

අප්පච්චි හන්දියේ වින්කලෙන් නෙගත් දුන්න

'රෝදය තමයි' මගේ පලවෙනි වාහනය උනේ.

ඒ රෝදය ගහක කරුවක් ඒ කියන්නේ දෙබලයක් සහිත කෝටුවක් අරගෙන මිදුල වටේ

රෝදේ පදිනවා

කකුල් දෙක කැඩෙනමක් රෝදේ තල්ලු කරන ගමන්

කටට නිදහසකුත් නැ

බූම්.... බූම්... බූම්...

"උදේ ඉදලා කනක් ඇහෙන්න නෑ...

බෙරිහන් දෙනවා ...

කන්න බොන්න වත් ආව එකක් යෑ..දැන් මම ඕක අල්ලලා දානවා ලිපට"

මහා හයියෙන් වාහනේ පදිනකොට අම්මා කියන්නේ නෝක්කාඩුවට වගේ

මමත් හොර පූසා වගේ ගෙට රින්ගලා කන්න ලොකු බත් පතකට වග කියනවා.

ඒ වගේයැ ...

අම්මා වාහනේ අල්ලලා ලිපට දැම්මොත්...

ඉට පස්සෙ මම පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනකොට

රොදේ පදින එක ලැජ්ජාවක් කියලා හිතුනා

ඒක අල්ලලා විසි කලා ගේ පිළිකන්නට

ඊට පස්සෙ මට ඕනි උනේ බයිසිකල් පදින්න...

පොල්ල උඩුන් කකුල දාගන්න තරම් වත් උසක් නැති කාලේ සිරිපාල මාමාගේ තුන්කාලේ

බයිසිකලේ පොල්ල අතරින් කකුල ඔබාගෙන මිදුල පුරාම රවුම් ගහනවා.

ඇද ගෙන වැටුන වෙලාවක කුරුම්බැට්ටික් ගල ගාලා තුවාලේ තියාගන්නේ

අම්මාට අප්පුච්චාට කිව්වොත් ඉලංදාරි කම කියලා

හොදවයින් පද අහගන්න බැරි නිසා..

ඉස්සර දවසක මට මතකයි සිරිපාල මාමාගේ බයිසිකලේ ඇදගෙන වැටුන පාරට

ඒකේ තේ ලයිට් එක කුඩේ කුඩු උනා

"මිට පස්සෙ බයිසිකලේට අඩියක් තියනවා නෙවෙයී ඕං"අප්පුච්චාගේ වහනය බොහොම සැරට කියවුනේ ඒ තේ ලයිට් එකේ අලාබයක් ගෙවන්න උන නිසා වෙන්න ඔනි

ඊට පස්සෙ මං සිරිපාල මාමාගේ බයිසිකල් එක දිහාවත් බැලුවේ නැ

කාටත් හොරා හුලං ඇරලා වැල් කර විසි කලේ මම කියලත් ගෙදර අය තවම දන්නෙත් නෑ :D

(අම්මා අප්පච්චි ෆේක් බුක් එක ගැන දන්නේ නැති එක හොදට ගියා) :D

ඔහොම ඉන්නකොට

5 වසරේ ශිෂ්‍යත්වයවිභාගේ ලංවුනා

අම්මගේ පොරොන්දුව උනේ "විභාගේ පාස් උනොත් පුතේ මම උඹට බයිසිකලයක් අරන් දෙනවා" කියලා

ඉතිං ....

ඒ දවස් වල උදේ රැ පාඩම් කරනවා

ගණන් හදනවා

කියන්න බැරි තරමට මහන්සි උනා

විභාගේ ගොඩ දාගන්න නම් නෙවෙයි ... බයිසිකලේ ගන්න :D

ඔහොම ගිහින් ගිහින් විභාගේ ආවා කියමුකො

මම උත්තර ලිව්වා කජූ කනවා වගේ හරිම ලේසියි

ගුරුවරු කිව්වෙත් කැලුම් විභාගේ පාස් වෙනවා කියලා

ඒත්...

අවාසනාවකට මගේ ප්‍රතිපලය උනේ

ෆේල්

මම විභාගේ පාස්වෙලා තිබුනේ නැ...

හදවතින් හඩා වැලපුනා...

කලාදුරු අලයක් කාලා මැරෙන්න හිතුනා

"මැරෙන වෙලාවට හරියට විදනවාලු

ඉදිකටු තුඩකින් ශරිරය ඇතුල් කරනවා වගේලූ "

ආත්තම්මා කිව්වා මට මතකයි ...

මැරෙන අදහස පැත්තකට දැම්මා හ්ම්...ලොකු ලමයෙක් වෙලා මම සල්ලි හොයලා බයිසිකලයක් ගන්නවා ඔහොම හිතලා හිත ශක්තිමක් කර ගත්තා

ඒත්...විභාගේ ෆේල් උනත් අම්මා මට තෑග්ග අරන් දුන්නා ඒ 'කසුන් රේසින්' බයිසිකලයක් මගේ ජීවිතයේ ලද වටිනාම ආදරය කරපුම තෑග්ග ඒ බයිසිකලය

ඇත්තමයි ...

තවමත් අපේ ගෙදර ස්ටෝරු කාමරයේ දිර දිරා යන ඒ බයිසිකලය දිහා ඉදලා හිටලා ගෙදර ගිය වෙලාවට බලලා එන්න තවමත් අමතක කරන්නේ නැ...මලකඩ කාපූ රිම් වලල්ල පරණ රෙදි කැල්ලකින් පුරුද්දට වගේ පිහදාන්න මම තවමත් අමතක කරන්නෙත් නෑ ..


Tuesday, January 31, 2012

ප්‍රථම ප්‍රේමය_

________________
හදවතේ
ගැඹුරුම කොනෙක
සැගෙව්වෙමි
මගේ
ප්‍රථම ප්‍රේමය !!

නොගැටෙන ලෙස
කිසිවෙකුගේත් දෙනෙත
ඒ දෙස..

ඇවර කළෙමි

දෙවන..
තෙවන..
සිව්වන..
........
........
........
සියලු කඩඉම්

නමුත්
තවම සුරකිමි "ප්‍රථම ප්‍රේමය"
නොදුටු
නුඹ වෙනුවෙන්ම
මා ලග.....




Friday, January 27, 2012

"මුත්‍රා කිරිම බල්ලන්ට පමණයි"

_________________

තාප්පයේ
ලියලා
'මුත්‍රා කිරිම බල්ලන්ට පමණයි"

වැසිකිළියේ
ලියලා
'මුත්‍රා කරන්න රුපියල් දහයයි'

දහයකුත් අත නැතුව
බල්ලෙකුත් වෙනු බැරිව
පිටකොටුවේ විදපු දුක
මහ බඹුට නොදැනුණිද.. ?





මතකය


උඩු වියන් බැදි
අලුත් සොහොනක්
ළග

වසරක් විතර
පරණ සොහොනක්
ඇත

බල්ලෙකුත් නිදියයි
පාළු කැපුමට
එ'මත..


Thursday, January 26, 2012

Faebook

Friend Requests Blocked for 03 Days
______________________________

විදගෙන විදගෙන
ගියා
ලහ තිබුන
උන්ඩ..

එකක් වත් නෑ නොවැ
දැන් හදිස්සියකට
ගන්ඩ..
_______________

Wednesday, January 25, 2012

මලක අදෝනාව_______

පිපෙන්නට වෙර දරා
මහ රැයක් පුරාවට

හිරු එබෙන්නට කලින්
තුෂරයෙන් දොවා මුව

සිටිය මුත් සිහින මැද
හිරුට පෙම් බදින්නට

නටු අගින් වෙන් කරන්
රැගෙන ගියා අනේ මම..

රවුම් සුදු වට්ටියක
රදවලා අනේ මං
සීතලට දිය ඉස්සා
මහ හඩින් හඩද්දිම

බුදු හිමිට පුදන්නට
මෙමල උන් නෙළූ බව
කියනවා ඇසුණි මට
සිහිනයෙන් විත් කනට

බුදු හිමිගේ දෙපා ළග
විගස මං තියනු මැන
මියෙන්නට පෙර හැකිය
හිමිට දුක කියන්නට...




Monday, January 23, 2012

නෙළුම්...

මඩ
විලෙක පිපෙන
නෙළුමක්

ගෙනෙයි
ලොවට
එළියක්.. !