Friday, January 20, 2012

එ දවස් වල මට මතකයි............

එ දවස් වල මට මතකයි............

මම ගියේ ගමේ ඉස්කෝලෙට

බොත්තං කැඩුණ කමිසය අම්මා උදෙන්ම මැදලා දුන්නේ පොල්කටු ඉස්තිරික්කයෙන්

ඒ කමිස පොඩියේ කජු කිරි නොතිබුණාට අඹ කිරි පැල්ලම් වලින් නම් අඩුවක් උණේ නැ..

වෙල අයිනේ කොහු අඹ ගහට පොලු ගහලා කඩාගන්න අඹ ගෙඩි ටික අපි තුරුල් කරගන්නේ කමිසයේ. ඒ කමිසයේ අඹ ගෙඩිවල සුවදවගේම හැමදාටම මතක් වෙන්න පැල්ලමක් දෙකක් නම් වැරදුන්නේ නැහැ

කඩාගන්න අඹ ගෙඩි ටික තුරුල කරගෙන අපි හැල්මේම දුවන්නේ වෙල අයියේ බන්ට් එකට

හ්ම්..

ඇත්තමයි

ඒ බන්ට් එකේ කොන්ක්‍රිට් කණුවේ තළලා ගත්ත අඹ පලුවට අපි ගෙදරින් සාක්කුවලට පුරවගෙන එන ලුණු කැට ටික මුසු උණාම තියනරසය..,

ඇත්තමයි තාමත් මතක් වෙනවා.

දත් හිරි වැටෙනකම්ම අඹ ගෙඩි වලට වග කියන අපි ඊළගට දුවන්නේ සුවාරිස් මාමාගේ කමතට.

ඇත්තමයි

උන්දැ කවදාවත් අපි කමත විනාශ කරනවා කියලා නම් දෙස් දෙවොල් තියන්නේ නැහැ.

හති වැටෙනකම් චක්ගුඩු පැනලා එහෙම නැත්තං පස් යට වැළලිලා තිබ්බ ඉස්සර කාලේ හතරැස් බැටරියකින් බට්ටා පනින අපට ගෙවල්වලට යන්න මතක වෙන්නේ හිනියට කරුවලත් වැටෙනකොට

ඒ වෙනකොට සුදු කමිසේ දුඹුරු පාට වෙලා

දාඩිය දාලා එන හඩු ගද අම්මේ අපටම දරාගන්න බැ

ඉතිං ඉක්මනට රැ වුණාට ඉරට බැණ බැණ දුවලා ගිහින් පොඩි ඇල්ලේ උල්පතෙන් කට තියගෙන පාසි රහ දැනන වතුර බොනවා.

අඩිය කොළ පාටට පේන උල්පතේ ඵාසු වතුරේ එන්නේ අමුතුම රසයක්

වතුර බීලා බීලා බඩ පුම්බාගන්නා අපි හිමිහිට හිමිහිට ගෙවල් වලට රින්ගනවා

කඩුල්ලෙන් ඔළුව දන්න කලින් ඉල්ලලාම බලන්නේ අප්පොච්චා පේන මානෙක ඉන්නවාද කියලා

මොකද රැ බෝ වෙලා එනවා දැක්කොත් ඒ අහන බැණුම් ටිකට වඩා සැපයි උඩරට මැණිකෙට බෙල්ල තියන එක

ගේ ඇතුළට පුස් පැටියා වගේ ඇදුන මම කරන්නේ ඇදන් ඉන්න හම්පඩ කමිසය ඇදගෙනම ලොකු බත් පතකට වග කියනවා

හිරමන කොටේ වාඩිවෙලා කැම කනකොට ඇත්තමයි

මට තවමත් හිතෙන්නේ බත් පංගුව රසයි වගේ

ඉතිං ඔහොම කාලයක් යනකොට යනකොට අපේ අප්පුච්චට ඔනි වෙනවා මම ලොකු මහත්තෙයෙක් කරන්න

අර යාළුවන්ගෙන් ඒ පරිසරයෙන් මාව අඩදීම ඇදලා ගන්නේ අප්පුච්චා මාව දානවා ටවුන් එකේ ලොකු ඉස්කොලේට

ඇත්තමයි මොන අපරාධයක්ද

ටවුන් එකේ කිරි කොල්ලේ නැහැ ඒ නිසා කිරි කොකා වගේ ඇදගෙන සපත්තු ජොඩු දෙක දාගෙන මම දැන ලොකු මහත්තයෙක්

පරණ ඉස්කොලේ යාළුවෙක් දැක්කාම මම බලන්නේ සපත්තු දෙකේ දුවිලි පොදක් වත් ගැවිලාවත්ද කියලයි

එත්කොට මම යන්තම 4 වසරට ගියා විතරයි

මම දැන් යන්නේ ටවුන් එකේ ලොකු ඉස්කොලෙට

කලින් හිටපු ලොකු මහත්තයා නෙවෙයි ඒ ඉස්කෝලේ ඉන්නේ ප්‍රින්සිපල් සර්

කියන්න වචන නැ

ඒ සර් හරිම දරුණුයි

ඉස්කොලේ යන්න ඔනි උදේ 7.20 වෙනකොට නැත්තං ගේට්ටුව ළග දණගස්සලා පුකෙන් දුන් දානකම් වේවැල් කසාය :(

ඒත් කාටකියන්නද

වෙලාවට ඉස්කොලේ යන්න කො ස්කුල් බස් එකක් ගමෙන් එන ?

දවසකට එනවා සතියකට නැ :(

එදාට වේවැල් කසාය

ඉතිං හැමදාමත් ගුටි කන්න පුළුවන්ද ?

ඔන්න ඔය ප්‍රශ්නයේ ඉන්නකොට 4 වසරේ පොඩි එකාට ඒ කියන්නේ මට එනවා ගණදෙවි නුවන

අපේ ගෙදරට අපේ අප්පච්චි ඉරිදා පත්තරේ ගේනවා

"ඉතිං මම හිතුවා කාටත් හොරෙන් ස්කුල් බස් එකක් ඔනි කියලා පත්තරේ දාන්න"

ඒ පොඩි එකාගේ සිහිනය සැබැ වෙලා ඉරිදා ලංකාදීපේ පසල් දනවුව තිරයේ "කැළුම් විජේවර්ධන" කියන නමින් ලිපිය වැටෙන කම්අඩුම තරමේ අම්මලා තාත්තලවත් ඒ පුවත් දැම්මා කියලා දන්නේ නැහැ

අන්න එදා ඉදලා පොඩි එකා ලොකු පොරක්

ගමට බස් එක ලැබෙනවා

නම පත්තරේ ලොකුවට වැටෙනවා

ගමේ මිනිස්සු ආඩම්බරයෙන් බලනවා

(ඇත්තමයි ඒ පත්තර කැල්ල වගේම අඹ කිරි ගැවුන කමිස පොඩියකුත් තවමත් මගේ ළග තියනවා)

ඔහොම ආඩම්බරයෙන් වැඩි දවසක් ඉන්න නැ

මගේ ලොකු අප්පච්චි කියනවා

"මු කොහොමද බොලේ මෙච්චර දෙයක් කරන්නේ ..........

අප්පුච්චා ලියලා දිලා පුතාගේ නමෙන් දාලද කොහෙද"

ඇත්තමයි මම ඇඩුවා .....

ඉකි ගහ ගහ ඇඩුවා.......

කොට්ටය පෙගෙන කම් ඇඩුවා....

ඒත් ඒ 4 වසරේ කොල්ලා හරියට පොළොවට පය ගැහුවේ එදා

මම හිතාගත්තා කවදා හරි මම මාධ්‍යවේදියෙක් වෙනවා කියලා

ඒ ගැම්ම මම නැවතුවේ ලක්බිම පත්තර කන්තෝරුවේ නොම්මර 445/1කොළඹ 14 ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහත්තයාගේ මේසය ළග

එත්කොට මම 19 විතර ඇති.

ක්‍රිෂ්ණ මහත්තයා උපහාසයට හිනාවෙලා අහනවා.........

"ආ.......... මේ පොඩි එකත් ආවේ පත්තරේට ලියන්නද ආ "

මම බිම බලගත්තා

හොදයි ලියමු බලන්න ගමේ මොකක් හරි දෙයක්

මම ලිව්වා ඇත්තමයි විනාඩි 2 ඇතුළත ඒ වෙලාවේ සිතට ආව ප්‍රවුත්තියක්..

හ්ම්...

හදාගෙන නේද ආවේ.................. ?

හොදයි එහෙනම් ලියන්න බලන්න මේ ගැන

ක්‍රිෂ්ණ මහත්තයා මට ඒ වෙලාවේ ආව ෆැක්ස් එකක තොරතුරු වගයක් දික් කරනවා

ලිව්වා ........ මම විනාඩි 2 ලිව්වා

ඒ වෙලාවේ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහත්තය මම මාධ්‍යවේදියෙක් කරනවා

උඩ පැනලා නටන්න කැ ගහන්න මම ගියේ නැහැ

මම 4 වසරේදි කොට්ටේ පෙගෙන්න ඇඩුව තරමටම මම එදා මතක් කර කර ඇඩුවා

ඇත්තමයි

එදා මට හදවතට ඇන්න පිහි පාරේ වේදනාවට මම පලිගත්තේ ඒ විදිහට.

ඒ අතිතයෙන් මට ජිවත් වෙන්න පුළුවන් වගේම

හෙට දවස අද වේදනාවෙන්ම සාර්ථක කරගන්න මට පුළුවන්

ඉතිං _____________

ඔබටත්,

මටත්

හැකිනම්

කදුළු දෙස බලා සිනාසෙන්න

සත්තයි එදාට ඉර පායනවා ලොකෙම එළිය කරන්න !

5 comments:

  1. හ්ම්ම්... මීට කලින් කියෙව්වා මතකයි.

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් එකේ දැම්මා බුද්ධික :)

      Delete
  2. කදුළු මැදින් හිනාවෙන දවසකට ඇත්තමයි වෙනදා වගේම ලස්සනට ඉර පායයි... keep it up kelum..good work.

    ReplyDelete
  3. 4 wasare podi kollage adishtaane anthimedi kalum wijewardana awurudu 19ka madyawediyek kala.. (y)

    ReplyDelete