Wednesday, January 25, 2012

මලක අදෝනාව_______

පිපෙන්නට වෙර දරා
මහ රැයක් පුරාවට

හිරු එබෙන්නට කලින්
තුෂරයෙන් දොවා මුව

සිටිය මුත් සිහින මැද
හිරුට පෙම් බදින්නට

නටු අගින් වෙන් කරන්
රැගෙන ගියා අනේ මම..

රවුම් සුදු වට්ටියක
රදවලා අනේ මං
සීතලට දිය ඉස්සා
මහ හඩින් හඩද්දිම

බුදු හිමිට පුදන්නට
මෙමල උන් නෙළූ බව
කියනවා ඇසුණි මට
සිහිනයෙන් විත් කනට

බුදු හිමිගේ දෙපා ළග
විගස මං තියනු මැන
මියෙන්නට පෙර හැකිය
හිමිට දුක කියන්නට...




2 comments:

  1. හදිස්සිය නිසා ඔබ
    පිපෙන්නට නොදුන්නට...
    බලාපන් දැන් ඉතින්
    පරවෙන්න ළගයි මම..

    හිනැහිලා නටු අගක
    වැනේනට තිබුණු ඉඩ
    උදුර ගත්ත පවට හෙට
    ගෙවන්නට වෙයි නිබද.....

    ReplyDelete