Wednesday, February 22, 2012

තෑග්ග


ඉස්සරම ඉස්සර කාලේ මට මතකයි .....

මට තිබුනා වාහනයක්.

අප්පච්චි හන්දියේ වින්කලෙන් නෙගත් දුන්න

'රෝදය තමයි' මගේ පලවෙනි වාහනය උනේ.

ඒ රෝදය ගහක කරුවක් ඒ කියන්නේ දෙබලයක් සහිත කෝටුවක් අරගෙන මිදුල වටේ

රෝදේ පදිනවා

කකුල් දෙක කැඩෙනමක් රෝදේ තල්ලු කරන ගමන්

කටට නිදහසකුත් නැ

බූම්.... බූම්... බූම්...

"උදේ ඉදලා කනක් ඇහෙන්න නෑ...

බෙරිහන් දෙනවා ...

කන්න බොන්න වත් ආව එකක් යෑ..දැන් මම ඕක අල්ලලා දානවා ලිපට"

මහා හයියෙන් වාහනේ පදිනකොට අම්මා කියන්නේ නෝක්කාඩුවට වගේ

මමත් හොර පූසා වගේ ගෙට රින්ගලා කන්න ලොකු බත් පතකට වග කියනවා.

ඒ වගේයැ ...

අම්මා වාහනේ අල්ලලා ලිපට දැම්මොත්...

ඉට පස්සෙ මම පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනකොට

රොදේ පදින එක ලැජ්ජාවක් කියලා හිතුනා

ඒක අල්ලලා විසි කලා ගේ පිළිකන්නට

ඊට පස්සෙ මට ඕනි උනේ බයිසිකල් පදින්න...

පොල්ල උඩුන් කකුල දාගන්න තරම් වත් උසක් නැති කාලේ සිරිපාල මාමාගේ තුන්කාලේ

බයිසිකලේ පොල්ල අතරින් කකුල ඔබාගෙන මිදුල පුරාම රවුම් ගහනවා.

ඇද ගෙන වැටුන වෙලාවක කුරුම්බැට්ටික් ගල ගාලා තුවාලේ තියාගන්නේ

අම්මාට අප්පුච්චාට කිව්වොත් ඉලංදාරි කම කියලා

හොදවයින් පද අහගන්න බැරි නිසා..

ඉස්සර දවසක මට මතකයි සිරිපාල මාමාගේ බයිසිකලේ ඇදගෙන වැටුන පාරට

ඒකේ තේ ලයිට් එක කුඩේ කුඩු උනා

"මිට පස්සෙ බයිසිකලේට අඩියක් තියනවා නෙවෙයී ඕං"අප්පුච්චාගේ වහනය බොහොම සැරට කියවුනේ ඒ තේ ලයිට් එකේ අලාබයක් ගෙවන්න උන නිසා වෙන්න ඔනි

ඊට පස්සෙ මං සිරිපාල මාමාගේ බයිසිකල් එක දිහාවත් බැලුවේ නැ

කාටත් හොරා හුලං ඇරලා වැල් කර විසි කලේ මම කියලත් ගෙදර අය තවම දන්නෙත් නෑ :D

(අම්මා අප්පච්චි ෆේක් බුක් එක ගැන දන්නේ නැති එක හොදට ගියා) :D

ඔහොම ඉන්නකොට

5 වසරේ ශිෂ්‍යත්වයවිභාගේ ලංවුනා

අම්මගේ පොරොන්දුව උනේ "විභාගේ පාස් උනොත් පුතේ මම උඹට බයිසිකලයක් අරන් දෙනවා" කියලා

ඉතිං ....

ඒ දවස් වල උදේ රැ පාඩම් කරනවා

ගණන් හදනවා

කියන්න බැරි තරමට මහන්සි උනා

විභාගේ ගොඩ දාගන්න නම් නෙවෙයි ... බයිසිකලේ ගන්න :D

ඔහොම ගිහින් ගිහින් විභාගේ ආවා කියමුකො

මම උත්තර ලිව්වා කජූ කනවා වගේ හරිම ලේසියි

ගුරුවරු කිව්වෙත් කැලුම් විභාගේ පාස් වෙනවා කියලා

ඒත්...

අවාසනාවකට මගේ ප්‍රතිපලය උනේ

ෆේල්

මම විභාගේ පාස්වෙලා තිබුනේ නැ...

හදවතින් හඩා වැලපුනා...

කලාදුරු අලයක් කාලා මැරෙන්න හිතුනා

"මැරෙන වෙලාවට හරියට විදනවාලු

ඉදිකටු තුඩකින් ශරිරය ඇතුල් කරනවා වගේලූ "

ආත්තම්මා කිව්වා මට මතකයි ...

මැරෙන අදහස පැත්තකට දැම්මා හ්ම්...ලොකු ලමයෙක් වෙලා මම සල්ලි හොයලා බයිසිකලයක් ගන්නවා ඔහොම හිතලා හිත ශක්තිමක් කර ගත්තා

ඒත්...විභාගේ ෆේල් උනත් අම්මා මට තෑග්ග අරන් දුන්නා ඒ 'කසුන් රේසින්' බයිසිකලයක් මගේ ජීවිතයේ ලද වටිනාම ආදරය කරපුම තෑග්ග ඒ බයිසිකලය

ඇත්තමයි ...

තවමත් අපේ ගෙදර ස්ටෝරු කාමරයේ දිර දිරා යන ඒ බයිසිකලය දිහා ඉදලා හිටලා ගෙදර ගිය වෙලාවට බලලා එන්න තවමත් අමතක කරන්නේ නැ...මලකඩ කාපූ රිම් වලල්ල පරණ රෙදි කැල්ලකින් පුරුද්දට වගේ පිහදාන්න මම තවමත් අමතක කරන්නෙත් නෑ ..


4 comments:

  1. කසුන් කියලා බයිසිකලයක් ආවද ?

    ReplyDelete
  2. ඔව් කසුන් කියලා බයිසිකලයක් ආවා
    මගේ ලග ෆොටො ඇති මම පස්සෙ අප්ලොඩ් කරන්නම්කො

    ReplyDelete
  3. හරිම සංවේදී පොස්ට් එකක්. අදමයි ආවේ මම මේ පැත්තේ. ගැහැණු ළමයි බ්ලොග් එකේ කමෙන්ටුවකින්..
    ආපහු එනවා.
    අකුරු ටිකක් ලොකු කරන්න යාලු ඇස් රිදෙනවා කියවද්දී.

    ReplyDelete
  4. පුංචි කාලෙ ඉදන් මගෙත් වාහනේ බයිසිකලේ තමයි.. තුනේ පන්තියෙ විතර ඉද්දි බයිසිකල් පදින්න පුරුදු උණේ. ඒකත් එක පාරම නෙමෙයිනෙ. මුලින්ම පැඩල් එක ගගහ යන්න ඕන. ඉන්පස්සෙ පොල්ල යටින් කකුල අනිත් පැත්තට දාලා ඒත් එක කකුලක් බිම ගගහ යනවා. පස්සෙනෙ හෙමිහිට කකුල් දෙකම පැඩල් එකට තියන්න පුරුදු උණේ.
    අපේ තාත්තට බයිසිකල් හදන්න පුළුවනි. ඒ නිසා අපිට කියල තිබුණෙ බයිසිකල් කැඩුණට කමක් නෑ. තුවාල කර ගන්න එපා කියල. ඉතින් පෙරළෙන්න එද්දි බයිසිකලේ පෙරළෙන්න ඇරල අපි පැත්තකට වෙනවා. ශිෂ්යලත්වෙ පාස් උණාම අළුත් බයිසිකලයක් ලැබුණා ඉස්කෝලෙ යන්න. උසස් පෙළ කරන්න නගරෙ පාසලකට ගියා උණත් මට බස් එක නම් ඇල්ලුවෙ නැහැ. ඉක්මණින්ම බයිසිකලයට මාරු උණා. හරිම නිදහස් වාහනේ.
    අදටත් ගමේ ගියාම මගේ වාහනේ බයිසිකලේම තමයි.

    ReplyDelete